Basic Electronic Component
>>  Light Emitting Diode (LED)

භාහිර පෙනුම හා සංකේතය

හැදින්වීම >>

>> මෙහි දිගින් වැඩි අග්‍රය ධන (+ , ඇනෝඩය) වන අතර , දිගින් අඩු අග්‍රය ඝෘණ (- , කැතෝඩය) වේ.

>> LED සදහා යෙදිය යුතු උපරිම වෝල්ටීයතාව බල්බයේ වර්ණය සහ වර්ගය අනුව වෙනස් වේ.

>> පරිපථ තුල විදුලිය ඇති බව දැනගැනීම හා විවිද ආලෝක රටා නිර්මාණය සදහා යොදාගනී.

>> නුතනයේ ගෘහ ආලෝකකරණය සදහා යොදාගනී

LED යෙදිය හැකි උපරිම වෝල්ටීයතාවන් >>

* සැ.යු : මෙහි සදහන් වෝල්ටීයතාවන් එක් එක් නිෂ්පාදකයා අනුව වෙනස් විය හැක.

>>  Diode

භාහිර පෙනුම හා සංකේතය

හැදින්වීම >>

>> මෙම ඩයෝඩයේ ඝෘණ (- , කැතෝඩය) අග්‍රය නිරුපණය කිරීම සදහා රිදී පටියක් යොදා ඇත.

>> ඩයෝඩය පරික්ෂා කිරීමේදී දෙපසටම ධාරාව ගමන්කිරීමක් සිදුවන්නේ නම් ඩයෝඩය පිළිස්සී ඇත.

>> ඩයෝඩ හරහා 0.7V විභව බැස්මක් ඇත.

>> ඝෘජුකරණ පරිපථ වල භාවිතා වේ.

>> මෙහි විශේෂත්වය වන්නේ ධාරාව එක් දිශාවකට පමණක් ගලායාමට සැලැස්වීමයි.

ඩයෝඩ වලට යෙදිය හැකි උපරිම වෝල්ටීයතාවන් >>

>>  Zener Diode (ZD)

භාහිර පෙනුම හා සංකේතය

හැදින්වීම >>

>> සැපයුම් විභවය වැඩිවුවද ස්ථායි වෝල්ටීයතාවක් සෙනර් ඩයෝඩ මගින් ලබාගත හැකිය.

>> සෙනර් ඩයෝඩවල සදහන් උපරිම ධාරාවට වඩා ධාරාවක් ගමන් කිරීමට සැලස්වීමේදී ඩයෝඩය පිළිස්සී යා හැකිය. එම නිසා ඩයෝඩයට ශ්‍රේණිගතව ගැලපෙන අගයකින් යුතු ප්‍රතිරෝදකයක් යෙදිය යුතුය.

>> බොහෝ අවස්ථාවල සෙනර් ඩයෝඩවල ඝෘණ (- , කැතෝඩය) අග්‍රය නිරුපණය කිරීම සදහා කළු පැහැති පටියක් යොදා ඇත.

>> ස්ථායි වෝල්ටීයතාවක් අවශ්‍ය පරිපථවල භාවිතා කරයි.

>> පහත සමීකරණය භාවිතා කර ඩයෝඩය සමග ශ්‍රේණිගතව යෙදිය යුතු ප්‍රතිරෝදකයේ අගය සොයාගත හැකිය.

  Iz=Pmax/Vz
Iz = සෙනර් ඩයෝඩය තුලින් ගැලිය හැකි උපරිම ධාරාව (A)
Pmax = සෙනර් ඩයෝඩයේ උපරිම ජව උත්සර්ජනය(W)
Vz = සෙනර් ඩයෝඩයේ සදහන් වෝල්ටීයතාව (V)
  R=Vr/Iz
R = යෙදියයුතු ප්‍රතිරෝදකයේ අගය (ohm)
Vr = ප්‍රතිරෝදකයේ දෙපස වෝල්ටීයතාව (V)
Iz = සෙනර් ඩයෝඩය තුලින් ගැලිය හැකි උපරිම ධාරාව (A)

උදාහරණ >>
  Iz=Pmax/Vz
  Iz=1W/3.3V
  Iz=0.30A
 
ප්‍රතිරෝදකයේ දෙපස වෝල්ටීයතාව = Vs-Vz
= 6V-3.3V
= 2.7V
  R=Vr/Iz
  R=2.7V/0.30A
  R=9ohm
  
මෙම ප්‍රතිරෝදකය සදහා 10ohm ප්‍රතිරෝදකයක් භාවිතා කළහැක.

Comments